Tuesday, July 7, 2009

HOME

















බත් මම වගේම මානවයෙක්, බුද්ධිමත් මානවයෙක්. මෙයට වසර බිලියන හතරකට පමණ පෙර පෘතුවිය ඇති වී තියෙනවා. එලෙසම වසර මිලියන දශම දෙකකට පමණ පෙර මානවයා බිහිවී ඇතැයි සැලකෙනවා. ඉතා හොඳින් කියවා බලන්න මේ ඔබගේ කථාවයි. ඉන්පසු තීරණය කරන්න කලයුත්තේ කුමක්ද කියා...

පෘතුවිය ආරම්භයේ දී එය ගිනිකඳු වලින් දැවෙමින් එයින් පිටවන දුමින් හා එමගින් සෑදුන ලවණ මගින් වසා පැතිරින. මෙලෙස බොහෝ කාලයක් පැවතීමෙන් අනතුරුව පෘතුවිය ක්‍රමයෙන් සිසිල් වෙන්න පටන ගත්තා. එයට ප්‍රධාන හේතුව වූයේ පෘතුවිය සූර්යයාට ඉතා දුරිනුත් ලඟිනුත් නොවන ලෙසට ගමන් මාර්ගයකට පැමිණීමයි. එමගින් වාෂ්ප වශයෙන් පැවති ජලය ද්‍රව හා අයිස් බවට පත් වුන අතර ගඟා හා මුහුදවල් නිර්මාණය වුනා. කාලයක් තිස්සේ ගඟා මගින් ගෙන එන ඛනිජ ලවණ සහිත ජලය මුහුදවල් තුල එක් රැස් වීමෙන් එය ක්‍රමයෙන් ලවණ රසයට පත් වුනා.

මේ පරිසරය පෘතුවියේ මුලික ජීවිය ඇතිවීමට එනම් "Archeobacteria" බැක්ටීරියාව ඇතිවීමට පදනම වුනා. ඉන්පසු "Cyanobacteria" එහෙමත් නැත්නම් "Green Algae" සූර්ය්යාගේ ශක්තිය උරාගෙන තම පැවැත්ම සකස් කර ගැනීමට අනුවර්තනය වුනා. ඔවුන් තමයි වර්ථමානයේ සිටිනා සෑම ජීවියෙකුගේම මුතුන් මිත්තන් වන්නේ. මේ ක්ෂුද්‍ර ජීවින් විසින් පෘතුවිය මතුපිට පවතින කාබන් ස්තරය යට කොට දමනු ලැබුවා අනෙකුත් ජීවීන්ට එය මත තමන්ගේ පරිණාමය ඇතිවීම පහසු වනු පිණිස. එමෙන්ම වාතයේ ඇති දුමාරය අඩු වීමෙන් පෘතුවිය මතුපිටට සූර්ය්යාලොකය ලැබීමෙන් ජලය වීයෝජනය වී වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහල ගියා.

ජීවීයේ සියළුම ක්‍රියා කාරීත්වයන් එකිනෙක බැඳී පවතින්නක්. වාතයේ හා ජලයේ පවතින සම්බන්ධතාවය ජීවයේ පැවැත්මයි. සියල්ල හුවමරුව මත යැපෙනු ලබයි. වෘක්ෂයන් බිහිවීම සඳහා අවුරුදු බිලියන හතරකට වඩා ගත වුනා. ජීවී දාමයේ ඉහලින්ම සිටින්නේ වෘක්ෂයන්. එය ශක්තිය නිෂ්පාදනය සඳහා ස්වාභාවධර්මය සතු මූලික හා එකම අවිය. වෘක්ෂයන් මගින් ලබා ගන්නා සූර්යය ශක්තියෙන් තම කඳ, අතු, ඉති සාදා අනෙකුත් ජීවයන්ගේ පැවැත්මට අවශ්‍යය ශක්තිය ආහාර ලෙස ලබා දෙනවා. එම ආහාර ලබාගන්නා අනෙකුත් ජීවීන් ගෙන පිටවන අපද්‍රව්‍ය මගින් නැවත එම ශාක වල වැඩීම සිදුවෙනවා. මේ චක්‍රය නොබිඳීව සමතුලිතව ගලා යනවා. අවුරුදු බිලියන හතරක් පැරණි පෘතුවියට අවුරුදු මිලියන දශම දෙකක් වයස මානවයා, බුද්ධිමත් මානවයා ඇතුළු වෙනවා. ඔවුන් මේ පෘතුවියේ සමතුලිතව ගලා ගිය චක්‍රය දැඩි වෙන්සකට ලක් කරනු ලබනවා. ඉතිහාසයේ කිසිම සත්වයෙක් නොකල ලෙසට.

මූලික අවදියේ දඩයම් කිරීම මගින් තම ජීවය පවත්වා ගිය ඔවුහු. පසු කාලීනව ව්‍යුහාත්මක ජීවන රටාවකට ඇතුළු වුන පසුව පරිසරයට අනුව තමා වෙනස් වීම නොව තමාට අවශ්‍ය ලෙස පරිසරය වෙන්ස් කිරීම අරඹනු ලැබුවා. ඔහුගේ පළමු සාර්ථක පියවර කෘෂිකර්මානතය සොයා ගැනීමයි. එය මීට අවුරුදු දස දහසකට පමණ පෙර ඇරඹුන්නක්. එමගින් ඔවුහු තමන්ගේ ආහාර අවශ්‍යතාවය ඉතා පහසුවෙන් ලඟාකර ගැනීමට හැකිවුනා. එයත් සමගම සිදුවුන දෙය නම් තැන තැන කුඩා ඒකක ලෙස විසිරී සිටි මානවයා සමූහ වශයෙන් ජීවත් වීම ඇරඹුවා. එනම් සාමාජ ක්‍රමය ඇතිවුනා.

විකල්ප ශක්තීන සොයාගිය ගමනේ දී වැදගත්ම සොයා ගැනීම භූගත තෙල් හමුවූමත් සමග සිදුවිනි. එමගින් මානවයාගේ ව්‍යාප්තිය ඉතා සීග්‍රලෙස වර්ධනය වෙන්නට පටන් ගැනුනා. පසු ගිය වසර හැටක කාලය තුලදී පෘතුවියේ මානව ඝනත්වය තුන් ගුනයකින් ඉහල ගොස් ඇති අතර එයින් බිලියන දෙකක පමණ ජනතාවක් නගරාශිතව ජීවත් වේ. චීනයේ ෂැන්සෙන් නගරය මිලියන ගනනක සිටිනා ජනාකීර්ණ නගරයක් වුවත් වසර හතලිහකට පෙර එය ඉතා කුඩා ග්‍රාමීය ප්‍රදේශයක්ව පැවතුනි.

"කළු රත්‍රන්" එසෙත් නොමැති නම් තෙල් සොයාගත් පසු එය යොදා කාර්යයන් කල හැකි යන්ත්‍ර නිර්මාණය කිරීම තුලින් තෙල් ලීටරයක් මගින් පැය විසි හතරක් තුල මිනිසුන් සිය දෙනෙකුගේ කාර්යයක් කිරීමට ඔවුනට හැකියාව ලැබිනි. එමගින් ඇමරිකා එක්සත් ජනපදයේ සිටිනා මිලියන දෙකක් පමණ වූ ගොවියන් හට බිලියන දෙකක පමණ පිරිසකට සෑහෙන ප්‍රමාණයේ ආහාර ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ලැබුවත් එම ධාන්‍ය බොහෝ ප්‍රමාණයක් යොදා ගැනෙනේ ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහායි. බොර තෙල් සමග පැමිනි පොහොර හා කෘමිනාශක භාවිතය මගින් වගාවන් ඉතා සාර්ථකව ව්‍යාප්ත වූ අතර එලදාව කිහිප ගුනයකින් වැඩි කර ගැනීමටද හැකි විය. පොහොර වලින් සන්තෘප්ත වී ප්ලාස්ටික් වලින් ආවරණය වූ "හරිතාගාර" මගින් ඔවුනට ස්වභාවධර්මයේ සෘතු වෙනස තවදුරටත් අභියෝගයක් නොවිනි.

ජනග්‍රහන ඝනත්වයේ ඉහල යෑමත් සමග ඉහල ගිය මාංශමය අහාර වල ඉල්ලුම සපුරා ලීම සඳහා "කඳවුරු" අකාරයේ සත්ව ගොවිපොලවල ඉඳිවිනි. සාමාන්‍යයෙන් අර්තාපල් කිලෝවක් නිශ්පාදනය සඳහා ජලය ලීටර සියයක් පමණ වැයවෙන අතර එය සහල් කිලෝවක් සඳහා ලීටර් හාරදහසක් පමණ වෙනවා. නමුත් ගවමස් කිලෝවක් ලබා ගැනීමට වැයවෙන ජල ලීටර් ප්‍රමාණය දහතුන් දහසක්.

වර්ථමාන සමාජය මූලිකවම යැපෙනු ලබන්නේ තෙල් මතයි. නමුත් මේ ලාබදායි සම්පත ඉතා ඉක්මනින්ම අවසන් වෙන දෙයක් බව අප සැවොම අමතක කොට දමා තිබෙනවා. මේ පාරිබෝගික රටාව අනුව සියළුම ඛනිජ සම්පත් මේ සියවස අවසන් වීමට ප්‍රථම අවසන් වීමට නියමිතයි.

නූතන කොලනියේ කැඩපතක් බඳු ඩුබායි දේශය, කල නොහැකියැයි සිතූ බොහෝ දේ කල හැකි දේ බවට පත්කල. කෘතිම නගර ඇතිකල ප්‍රමුඛයා වූයේ තම සතුව පැවති සීමිත ස්භාවික සම්පත් ප්‍රමාණය උපයෝගී කොට ගනිමින්. ඔවුන් මේ සියළු දේ සිදුකරනු ලැබුවේ තමන්ගේ ප්‍රධාන ආදයම් මාර්ගය වූ තෙල් සම්පත උපයෝගී කරගෙනයි. ජලය, ගොවිපොලවල් කිසිවක් නොමැතිවුවත් යහමින් මුදල් ඇති නිසා එය ඔවුනට ගැටලුවක් වූයේ නෑ. ඔවුනට පුරා වසර නොනවතින හිරු රැස් ලැබුනත් අවාසනාවකට එහි එකදු සූර්යය කෝෂයක් හෝ දක්නට ලැබෙන්නේ නැහැ. එය තවමත් සොබා දහම මත නො‍යැපෙන දේශයක්.

පසුගිය වසර හතලිහක කාලයක් තුල පෘතුවියේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසෝන්හි වන ඝනත්වය 20% පමණ අඩු වෙලා. ඒ සියළුම ප්‍රදේශ සොයා වගාව සඳහා යොදාගෙන. ජීවයේ පවැත්මට අත්‍යාවශ්‍යය ජලය, වාතය, පෘතුවිය හා සූර්යයා අතර බැඳීම මේ නිසා දරුණු ලෙස බිඳ වැටී තියෙනවා. මේ විනාශය සඳහා ප්‍රධාන ලෙසම බලපා තිබෙන්නේ සෝයා බෝංචි, ෆාම් තෙල් හා ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන යුකැලිප්ටස් වගාවනුයි. මේවා මගින් වනානතර වල සමතුලිතතාවය බිඳහෙලනු ලබනවා. වනාන්තර ඝනත්වය අඩුවීම මගින් පෘතුවි උෂ්ණත්වය ඉහල යෑම මගින් සිදුවන ප්‍රධාන දෙය නම් මිදුණු ජල ඝනත්ව ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස පහල යෑමයි.

  • පෘතුවියේ ඇති සම්පත් වලින් 80% ක් පරිභෝජනය කරනු ලබන්නේ 20% තරම් වූ ජන ප්‍රතිශතයක්.
  • දියුණු වූ රටවල් දියුණු වෙමින් පවතින රටවල් වෙත ලබා දෙන ආධාර ප්‍රමාණය මෙන් දොලොස් ගුනයක් ඔවුන්ගේ හමුදාමය කටයුතු සඳහා යොදනවනු ලබනවා.
  • අපවිත්‍ර ජල පරිභෝජනය මගින් දිනකට මිනිසුන් පන්දහසක් පමණ මිය යනවා.
  • බිලියනයක පමණ ජනයා බීමට පිරිසිදු ජලය හිඟ කමින් පෙළෙනවා.
  • 50% පමණ වූ අතිරිකත ආහාර ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස හෝ ජෛව ඉන්ධන සඳහා යොදා ගැනෙනවා.
  • හෙක්ටයාර මිලියන දහතුනක වැසි වනාන්තර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම පෘතුවියට අහිමිවෙන්මින් පවතිනවා.
  • ජෛව ප්‍රභේද වඳවීයෑමේ වේගය ස්භාවධර්මයේ අනුපාතය මෙන් දහස් ගුනයකින් වැඩි වී තිබෙනවා.
  • මත්ස්‍ය වර්ගවලින් 3/4 වඳවීමේ තර්ජනයට ලක්වී සිටිනවා.
  • පරිසර උෂ්ණත්වය පසුගිය වසර 15 තුල උපරිමයට ලංවෙලා.
  • අයිස් ඝනත්වය පසු ගිය වසර හතලිහ තුල 40%න් පමණ අඩුවෙලා. සාගර ජලමට්ටම ඉහල යෑම මගින් ලොව රටවල් ගනනාවක් යට වීමේ අනතුරට මුහුණපා සිටිනවා.

විනාශ වූ දේ ගැන කනගාටු වී පලක් නැත තවත් ඉතුරු වූ දේ ඇත. මානවයා හට නිවැරදි වීම සඳහා තවත් ඉතා සුළු කාලයක් ඉතිරිවී ඇත. ඒ වගකීම ඇත්තේ ඔබ අතේය. සියළු දෑ වගකීමක් ඇතිව පරිභොහෝජනය කරන්න. අවශ්‍ය වන්නේ ඔබගේ වෙනස් වීමයි. ඒසේනම් තවත් ඔබ බලා සිටින්නේ මන්ද?

පසු සටහන,
ඉහත සියළු දත්තයන් හා කෙටි විස්තරය උපුටා ගනු ලැබුවේ "‍Yann Arthus-Bertrand!" විසින් සැකසූ "HOME" නැමති වාර්ථා වැඩසටහනෙනි. වැඩි විස්තර සඳහා එම වාර්ථා වැඩ සටහන නරඹන්නේ නම් ඉතා සුදුසුය.

නිල වෙබ් අඩවිය (www.home-2009.com)

ඔබගේ දායකත්වය ලබා දෙන්න (www.goodplanet.org)

HOME නැරඹීම සඳහා


HOME බාගත කිරීමට:


http://archive.org/download/HOME_English/HOME__English_with_subtitles__512kb.mp4

9 comments:

  1. මරුවැඞක් රුපා නොදන්න හූගාක් දේවල් දැණගත්තා.

    ReplyDelete
  2. හ්ම්... අපට මේවගේ හිතන්න තව ගොඩක් දේවල් තියෙනවා! හොඳ ලිපියක්....

    ReplyDelete
  3. ඔයාලා බ්ලොග් වල පරණම මිනිස්සු ඇයි මෙක ලියන එක නතර කරෙ.. ආපහු ලියන්න එන්න....හරිම වැදගත් දෙයක් අන්තිමට බෙදලා දිලා..ගිහින්...

    ReplyDelete
  4. mmmm. මිනිසුන්ගේ තණ්හා‍ව මිනිසුන්ට හා ලෝකයට අහිමි කරන දේ බොහොමයි. සතුටුයි පරිසරය ලෝකය ගැන සංවේදී පුද්ගලයෙක් වීම පිළිබඳව.

    ReplyDelete
  5. හෙක්ටයාර මිලියන දහතුනක වැසි වනාන්තර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම පෘතුවියට අහිමිවෙන්මින් පවතිනවා නම්???

    Wickramasinghe
    කියවන්න දැනගන්න
    http://inetquotations.blogspot.com

    ReplyDelete
  6. Really well written, very interesting!

    ReplyDelete
  7. I don't understand your language but it is very pretty!

    ReplyDelete